proporta education foundation

ආරම්භය

ප්‍රොපෝටා හට තම ප්‍රථම නිෂ්පාදකයා ලැබුණේ ශ්‍රී ලංකාවේදීය. එහි අධ්‍යක්ෂකවරු ගයි සහ මයික් තුළ මෙරට ගැන තිබුණේ සැබෑ ආදරයකි. මෙරට පුරා ඇති සුන්දර කඳුවැටි හා වෙරළ තීර ඔස්සේ සංචාරය කළ මොවුන් ඉන් පසුව වෙබ් අඩවි නිර්මාණකරුවන් කණ්ඩායමක් සංවිධානය කර ගත්තේය. (එය ඔවුනට නැවත මෙහි පැමිණීමට ප්‍රබල හේතු සපයා දුනි.)
ව්‍යාපාරය සාර්ථක වත්ම ඔවුනට ඒ සා යමක් මෙරටට ලබා දීමටද අවැසි විය. වසර කිහිපයකට පෙර ප්‍රොපෝටා මඟින් තමන් ලබනා ලාභයේ කොටසක් අසරණ සරණ වෙනුවෙන් යෙදවීමට ඔවුන් අදහස් කර ගත්තේ ඒ අනුවයි.


මෙය, ඉන්පසු ප්‍රොපෝටා අධ්‍යාපන පදනම ලෙස හැඳින්වුණු අතර, එය දැන් ක්‍රියාත්මක වෙමින් කලක් ගත වී ඇත. එහෙත් (ඉංග්‍රීසි ගතිය විදහා පාමින්) ප්‍රොපෝටා මේ පිළිබඳව හඩ නගා ලොවට පවසන්නට උත්සාහ දරන්නේ නැත. එහෙත් අපි අපි ගැනම මහත් සේ ආඩම්බර වෙමු. රෑ යම වඩා සුව නින්දක් ලැබීමට එය අපට පිටුබලයක් ගෙනෙයි.

අසරණ සරණ :

ප්‍රොපෝටා අධ්‍යාපන පදනම මගින් කෙරෙනුයේ අන්ත දිළිඳු එහෙත් දක‍ෂ දරුවන්ට නොලැබී යන අධ්‍යාපන අවස්ථාවන් නැවත ඔවුනට ලබා දීමයි. එය කුඩා වන අතරම වඩා කාර්්‍යක‍ෂම ද වෙයි. (සියලූම පරිපාලන වියදම් අපි, අප විසින්ම ආවරණය කර ගනිමු).


මෙයට අරමුදල් ප්‍රධාන වශයෙන්ම ලැඛෙන්නේ ප්‍රොපෝටා ලාභයන්ගෙන් වන නමුත්, රස කැවිලි හා චොකලට් වැනි (හා තවත් සෞඛ්‍යදායි) දෑ මගින් හා මයික් කිසිදා නොදිනන ඔට්ටු සඳහා පොළඹවා ගැනීම මගින් ප්‍රොපෝටා කාර්ය මණ්ඩලය ද මේ සඳහා තම දායකත්වය දක්වයි. ප්‍රොපෝටා ආපන ශාලාව ඇරඹුයේ 2008 අගෝස්තු මාසයේදීය. එය මසකට පවුම් 150 ක් පමණ උපයයි. මෙයට ඉඳහිට අප කරනා ර්‍ණඅනම් මනම්” දෑ අයත් වන්නේ නැත. විටෙක අප කරනා පොරොන්දු නොදීමේ දිනය වැනි විනෝදාත්මක දේ මගින් අපේ අසරණ සරණ පදනම තර වෙයි.

ඔබට කළ හැකි දේ :


අසරණ සරණ වෙනුවෙන් යමක් පරිත්‍යාග කිරීමට කැමති ඔබට, ඔබ ලබාදෙන දෙයින් 100% ක්ම අසරණ සරණ සඳහාම යෙදවෙන බවට අපි සහතික වෙමු. අපගේ පරිපාලන වියදම් අපම පියවාගන්නා බැවින්, ඔඛෙන් කොටසක් එ සඳහා වැය නොවේ. දක‍ෂ දරුවන්ට අධ්‍යාපනය ලැබීමට ඔබගේ සහාය ලැඛෙන්නේ නම් අපට මහත් ශක්තියක් වනු ඇත.
පරිත්‍යාගයන් ලබාදීමට පහත සබැඳිය වෙත යන්න.