proporta education foundation


සෑම වසරකම ආරම්භයේදී, තම අධ්‍යාපන මට්ටම නංවා ගැනීමට අවශ්‍යතාවය ඇති හා එ සඳහා අරමුදල් ලැබීමට සුදුසු ශිෂ්‍යයන් කණ්ඩායමක් තෝරාගනු ලබයි. 2008 වසරේදී ශ්‍රී ලංකා පුවත්පත් වල මේ පිළිබඳව දැන්වීම් පලකළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අයඳුම්පත් දහස් ගණනක් අප වෙත ලැබේ. ඉන්පසුව සිදුවූයේ අන්ත දිළිඳු භාවයේ සිටින දරුවන්, ප්‍රාථමික අංශය යටතේ (ඔවුනට සහාය වීමට දෙමාපියන්ට ද හැකියාවක් නැති මට්ටමේ දරුවන්) තෝරා ගැනීම ඇරඹීමයි. ශ්‍රී ලංකා කාර්යමණ්ඩලය සියළුම දෙනා අරමුදල් ලැබීමට වඩාත් සුදුසු දරුවන් තේරීම ඇරඹූහ. 2009 වසරේදී ලංකාවේ දිළිඳුම දිස්ත්‍රික්ක දෙක වන මොනරාගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක වල පාසල් 2800 කට ආසන්න ප්‍රමාණයක් තෝරා, එවායේ විදුහල්පතිවරුන් වෙත අයඳුම් පත් යොමු කරන ලදී. අධ්‍යාපනය සඳහා මූල්‍යමය අවශ්‍යතා ඇති දරුවන් නිසි ලෙස තෝරාගත් විදුහල්පතිවරු එම අයඳුම්පත් ඔවුන් වෙත ලබා දුන්හ.


5 වසර ශිෂ්‍යත්ව විභාගයට ලබාගත් ලකුණු සහ තම අධ්‍යාපනය දියුණු කර ගැනීමට ඔවුනට ඇති අවශ්‍යතාවය මේ සඳහා තේරීමේදී නිර්ණායක ලෙස භාවිතා විය. අයඳුම්පත් වල සපයා තිබූ විස්තර තහවුරු කර ගැනීම සඳහා පළමු වටයේදී තෝරාගත් සිසුන් හමුවට ගිය අප කාර්ය මණ්ඩලය, අධ්‍යාපනය ලබා ගැනීමේදී ඔවුන් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව එම දරුවන් හා දෙමාපියන් සමග සාකච්ඡා කළහ. එමගින් අන්ත දිළිඳු භාවයේ සිටින දරුවන් මුණ ගැසීමට හා තෝරා ගැනීමට අප කාර්ය මණ්ඩලයට හැකි විය.


_


(_ – http://www.museumstuff.com/learn/topics/Grade_5_Scholarship_Examination )

_ :

_.