proporta education foundation

You are about to scroll down to view few very poor families with a gem of a Kid who deserves all the chances to come up in life and that’s where Proporta Education Foundation will play its little role in supporting them.


Rukshan Ahmed



Premakanth


Piyumi Buddika


Sumudu Lakshan



රොෂාන් සම්පත් මාරසිංහ

රොෂාන් සම්පත් මාරසිංහ යනු සරල, සිල්ලර බඩු පවා හිඟ, කැලෑබද පෙදෙසක ජීවත් වන බුද්ධිමත් දරුවෙකි. ඔහු පාසැල් යාම සඳහා දිනකට කි.මී. 34 ක් පයින් ගමන් කරයි. ඔහුගේ නිවස පිහිටා ඇත්තේ වල් අලීන් පවා නිදහසේ හැසිරෙන කැලෑවක් මැදය.

පවුලේ එකම ආදායම් මාර්ගය සපයන ඔහුගේ පියා, දරුවන් හතර දෙනෙකුගෙන් යුත් මෙම පවුල නඩත්තු කරනුයේ, ප්‍රදේශයේ කරන ලද වගාවන්ගෙන් මාසිකව ලබා ගන්නා රු. 750/- ක් වැනි සුළු මුදලකිනි. (පවුං 4.50 ක් පමණ) විදුලිය වැනි මූලික අවශ්‍යතා මෙම පළාතේ නොමැති අතර, පාඩම් වැඩ කටයුතු කරගෙන යාම සඳහා ඔවුන් මහත් දුෂ්කරතා වලට මුහුණ දෙයි. මෙවන් දැඩි අපහසුතා මධ්‍යයේ වුවත්, ඔහුගේ පාසලින් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි ළමුන් අතුරින් හතරවන ස්ථානය දිනා සමත්වීමට රොෂාන්ට හැකියාව ලැබිණි.

මෙම පින්තූරයෙන් දැක්වෙන්නේ ඔහුගේ නිවසට නුදුරුව සැරිසරන වල් අලියෙකි.



ශෂිකලා විමුක්ති දිසානායක


පහත ඡායාරූපයෙන් දැක්වෙන මැටි ගැසූ හා පොල් අතු සෙවිලි කළ තාවකාලික නිවහනේ දිවිගෙවන සහෝදර සහෝදරියන් හතර දෙනෙකු ඇති දැරියකි. පවුලට ආදායම් ගෙනෙන්නේ පියා පමණක් වන අතර, ඔහුගේ මාසික ආදායම මසකට රු. 2,500/- කි. (පවුම් 15 ක් පමණ).

මෙම නිවස පිහිටා ඇත්තේ ප්‍රධාන මාර්ගයේ සිට කි.මී. 15 ක් ඇතුළතින් වන අතර, ජීවත්වීමට අවශ්‍ය මූලික දේ ලබා ගැනීමේදීත් ඔවුහු දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙති. පාසල තුළ ශෂිකලා 5 වසර ශිෂ්‍යත්වයෙන් 3 වන ස්ථානය ගත් අතර, ඇව සමස්ථ දිවයිනෙන් 541 වැනියා විය. වාර අවසන් විභාගයෙන් සියලූම විෂයන් වලට 85% ත් 100% අතර ලබා ගන්නා ඇය දක‍ෂ දරුවෙකු බව නොකිවමනාය.


දේශානි අප්සරා අබේරත්න


දේශානි අප්සරා අබේරත්නගේ පියා ඇය හට අධ්‍යාපනය ලබා දෙන්නේ ඔහුගේ මාසික ආදායම රු. 2,750/- (පවුම් 16 ක්) ව තිබියදීය. ඔහුගේ දකුණතේ ඇගිලි දෙකක් පමණක් වුවත්, ඔහු මේ ආදායම උපයන්නේ තම වගාවන්ගෙනි. ඇය පාසලේ සියලූ විෂයයන් වලට සමත්කම් දක්වන අතර, 2008 වසරේදී ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දී පාසලෙන් තුන්වැනියා බවට පත්වූවාය. 2009 දෙසැම්බර් මස ඡෑත‍ මගින් පැවැත්වූ චිත්‍ර තරඟයෙන් ඇය පළමු ස්ථානය දිනා ගත්තාය. 2009 ප්‍රොපෝටා හි නත්තල් සුබ පැතුම් පත් සඳහා යොදා ගත්තේ ඇගේ නිර්මාණ. පහත ඡායාරූපයෙන් ඇගේ සිතුවම් දැක්වෙයි.



තරිඳු ලක‍ෂාන් විදුරංග


තරිඳු ලක‍ෂාන් විදුරංග හා ඔහුගේ මව ඔහුගේ පියා විසින් අතහැර දැමුවේ තරිඳු කුඩා කල වූ අතර, ඉන්පසු මේ දක්වා මව මානසික සෞඛ්‍ය ගැටලූ වලින් පීඩා විඳියි. කුඩා කල සිට දැඩි පීඩාවන්ට ලක් වූවත්, තරිඳු තම වාරාවසාන විභාග වලදී පළමුවැනි ස්ථානය ගනියි. ඔහු සිත්‍ර සඳහා රුචියක් දක්වයි. පහත දැක්වෙන්නේ 2009 දී ඡෑත‍ මගින් පැවැත්වූ නත්තල් සුබ පැතුම් තරඟයෙන් තුන්වැනි ස්ථානය දිනාගත් ඔහුගේ සිතුවමයි. ඔහු හා ඔහුගේ මව, අර්ධ වශයෙන් නිම කළ නිවස අසල සිට ගත් ඡායාරූයක් ද මෙහි දැක්වේ.